පුරාවිද්‍යාව කියන්නේ මිනිස් අතීතය ගැන හොයල බලන විෂයක් නිසා එහි දී භාවිත කරන මූලාශ්‍රය පිළිබඳ පිරිසිදු නිරවුල් වැටහීමක් ලබාගන්න ඕන. අතීතය නිර්මාණය කරන එක කාගේ හරි හිතළු මත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්සර පෙරදිග රටවල තිබිල තියෙනවා මනසින් දැනුම නිර්මාණය කරන ක්‍රමයක් ඒ විදිහට වෙන්න ඇති ඔය සිංහල වෙදකම, ගොවිතැන වගේ දේවල් බිහිකරන්න ඇත්තේ. ආහාර සකස් කිරිම ගැන හිතුවත් මේ කාරණය ගැන හැගීමක් එයි ඔන්න. එහෙම කියල එක එක මානසික රෝගීන්ට හිතෙන දේවල් අනුව දැනුම ගොඩනගන්නත් බෑ. මානසික හැකියාව හා මානසික රෝගීන් වෙන් කරල හඳුන ගන්න. තෝරගන්න අපි කාටත් පුළුවන් වෙන එක මේ කාලේ බොහෝම වටිනවා, වෙන කවර කාලෙකටත් වැඩියෙන්.
පුරාවිද්‍යාවේ දී මූලිකව මූලාශ්‍රය වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන්. ඒ 1. ලිඛිත මූලාශ්‍රය හා 2. අලිඛිත මූලාශ්‍රය කියලා. මිනිස්සු තමන්ගේ කටින් නිකුත් වෙන ශබ්ද නැත්නම් සිතේ ඇඳුණු සංකල්ප අනෙක් අයට දැනවීම සඳහා නිර්මාණය කරගත් සංකේත පද්ධතියක්නේ භාෂාව කියන්නේ. කඩදාසි, ගල්, ලෝහ පත්‍ර වගේ දේවල් මත අක්ෂර යොදාගෙන භාෂාව සටහන් කරල තියෙනවා. ඒ ලේඛන භාවිත කරල ඉස්සර හිටපු මිනිස්සු ගැන අපිට විස්තර දැනගන්න පුළුවන් නම් ඒවාට අපි කියනවා ලිඛිත මූලාශ්‍රය කියලා. පැරණි මිසරයේ පිරමීඩ ඇතුළේ තියෙන පූජක අක්ෂර/චිත්රාක්ෂර, සිරියාවේ හම්බ වෙන කුඤ්ඤ අක්ෂර වගේ අක්ෂර, ඉන්දියා වේ ලංකාවේ හම්බවෙන බ්රාහ්මී සෙල්ලිපි, මහාභාරතය, රාමායනය, වේද ග්රන්ථ, පුරාණ, මහාවංශය, දීපවංශය වැනි වංසකතා ආදී මේ සියල්ල ගැනෙන්නේ ලිඛිත මූලාශ්‍රය ගණනටයි. මූලාශ්‍රය විශේෂයක් වශයෙන් ලිඛිත මූලාශ්‍රය හරිම ප්‍රබලයි. අනික් මූලාශ්‍රය එක්ක සසදලා බලද්දි. ලිඛිත මූලාශ්රයවල දැක්වෙන්නේ එහෙම නැත්නම් තියෙන්නේ කෙලින්ම මිනිස්සුන්ගේ අදහස්. ඉතිහාසය විෂය සම්පුර්ණ - යෙන් රදා පවතින්නේ මේ ලිඛිත මූලාශ්‍රය මත. ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යාවේ ධාරාවක් තියෙනවා 'ඓතිහාසික පුරාවිද්‍යාව' කියල. ඓතිහාසික පුරාවිද්‍යාවේ දිත් මේ ලිඛිත මූලාශ්‍රය ප්‍රධාන මූලාශ්‍රයක්.
අලිඛිත කියන වචනයේ තියෙනවා වගේම ලියල නැති දේවල් තමා අලිඛිත මූලාශ්‍රය කියන්නේ. මේ මූලාශ්‍රය වැඩියෙන් භාවිත කරන්නේ පුරාවිද්‍යාවේ දි. පුරාවිද්‍යාවේ දී ඓතිහාසික කාලයෙන් ඔබ්බේ තියෙන දේවල් ගැන කතා කරද්දි එහෙම නැත්නම් ප්රාග් ඉතිහාසය ගැන කතා කරද්දි ඒ දේවල් සම්පූර්ණයෙන් රදා පවතින්නේ අලිඛිත මූලාශ්‍රය මතයි. මිනිස්සු විවිධ කාලවල පරිසරයේ ජීවත් වෙද්දි ඉතිරි කළ මිනිස් ඇටකටු, සොහොන්, කෑමට ගෙන ඉවත් කළ සතුන්ගේ කොටස්, ශිලා මෙවලම් ආදියේ ඉදල ඔවුන්ගේ බහිස්රාවීය ද්‍රව්‍යයත් මේ අලිඛිත මූලාශ්‍රය ගණයටයි අයිති. අලිඛිත මූලාශ්‍රය පුළුල් පරාසයක විසිරී පැතිරි තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මැතිතුමා එතුමාගේ ලිපියක දී මේ අලිඛිත මූලාශ්‍රය නැවත කො ටස් කරල තිබුනා ඉගෙන ගැනීමේ පහසුවට. ඒ අනුව, අ. මානව කෘති (artifacts), ආ. පරිසර කෘති (ecofacts), ඇ. භූ කෘති (geofacts), ඈ. සත්ව කෘති (zoofacts) හා ඉ. වෙනත් (other) කියල කොටස් 5 කට බෙදල තියෙනවා. මානව කෘති කියල කිවුවේ මිනිස්සු හදපු නැත්නම් මිනිසාගේ මැදිහත්වීම නිසා නිර්මාණය වුණු දේ- වලට. ගල් ආයුධයක් ගත්තොත් ඒක මානව කෘතියක්. පරිසරය නිසා ඇති වුණු දේවල් තමා පරිසර කෘති කියල කියන්නේ. භූ කෘති කියල කිවුවේ භූ විද්‍යාත්මක වශයෙන් ඇතිවුණු භූ දර්ශන, පස් තට්ටු වගේ දේවලට. සතුන් නිසා ඇතිවුණු දේවල් තමා සත්ව කෘති කියන්නේ කියන එක ආය විශේෂයෙන් කියන්න ඕන නෑනේ. මේ උඩින් කිවුව දේවලට අදාළ නැති දෙයක් තියෙනවා නම් ඒවා වෙනත් කෘති කියන තැනට දාන්න පුළුවන්. හිතල බලන්නකෝ මොන වගේ දේවල් මේ ගොඩට දාන්න පුළුවන් ද කියල.
දැන් කවුරු හරි අහන්න විමසන්න පුළුවන් ජනප්‍රවාද වගේ ඒවා පුරාවිද්‍යා- වේදි යොදාගන්න බැරිද කියල. උත්තරය 'පුළුවන්' කියන එකයි. ප්‍රංශ ජාතික විද්වතෙක් හිටිය 'ක්ලොඩ් ලෙවි ස්ට්රවුස්' (Claude Lévi - Strauss) කියල. එතුමා මානව විද්‍යාව, වාග් විද්‍යාව වගේ දේවල් ගැන උනන්දු වුණු කෙනෙක්. මෙතුමා පෙන්නල දීල තියෙනවා මේ මිත්‍යා කියන ඒවා කොහොමද තේරුම් ගන්න ඕන කියල. මිත්‍යාව ඇතුළේ තියෙන සත්‍යය මතු කරගන්නේ කොහොමද කියල. උදාහරණයක් අරගෙන අපි බලමු මේක. මහාවංසයේ සවර්ණමාලි ස්තූපය එහෙම නැත්නම් මහාථූපය නිර්මාණය කරන අවස්ථාවේ එහි පාදම අවස්ථා ගණනාවක පොළොවේ ගිලී ගියා කියල කතාවක් තියෙනවා. හරි ලස්සන කතා. මහාවංසය එහෙම නැත්නම් ථූපවංසය කියෙවුවොත් මේ කතා දැනගන්න පුළුවන්. ස්තූපය ගිලි ගිය මේ කතාව බොරුවක්, සාහිත්‍ය කතාවක් කියල සමහරු හිතනවා. අනුර- ාධපුරේම තියෙන ජේතවන ස්තූපය වගේ එවා කැනීම් කළ පුරාවිද්‍යාඥයින්ට පෙනී ගියා එම ස්තූප හදල තියෙන්නේ පොළොව හාරලා පිහිටි ගල උඩ කියන එක. මේ විදිහට ගැඹුරේ ඉදල කළ මේ නිර්මාණය මිනිස්සුන්ට පහදල දුන්නේ දේව
කතාවක් විදිහට වංසකතාවට ඇතුළු කරල. මිත්‍යාවක් විදිහටයි අපිට පේන්නේ. තව කතාවක් තියෙනවානේ කොත්මලේ කොත්තුණුගොඩ කන්දෙන් රන් කොතක් මතු වුණා කියල. මිත්‍යා කතාවක් කියලයි හිතන්නේ. නමුත්, භූ විද්‍යාඥයෝ කියල තියෙනවා මේ කඳුවල ඉතා පැරණි, අක්‍රීය ගිණිකඳු ලක්ෂණ තියෙනවා කියලා. ගිනිකඳු රන් කොතක් විදිහට ජන කතාවට ඇතුළු වෙලා. අර විශ්වාසයේ සැඟවිලා තියෙන ඇත්ත. මේ වගේ කතා ඕන තරං ලංකාවේ විතරක් නෙවී ලෝකෙත් තියෙනවා.
හැබැයි මේ වගේ ප්‍රවාද ඉතිහාසයට සම්බන්ධ කරගන්න එක බොහෝම ඉවසිලිවන්තව, අවබෝධයෙන් කරන්න ඕන. මේ කතා පාරම්පරික කතා ද? මොන කාලයේ ඉදල ද පැවතගෙන එන්නේ කියන කාරණා තහවුරු කරගන්න ඕන.
මේ දවස් වල අපේ සමහර අය මේ ජනප්‍රවාද වලින් වීර චරිත මවන්න හදනවා. උත්සාහය හොඳයි. හැබැයි විධිමත් විදිහට අනිත් අයටත් ඒත්තු යන විදිහට ඒ කතා ඉදිරිපත් වෙන්න ඕන. පස්සේ පෙන්නන්නන්, අපිට ඕන අයට විතරයි පෙන්නන්නේ කීවට පිළිගන්න බෑනේ. කතාවක් ගෙඩි පිටින් ඇත්ත විදිහට ගන්නේ නැතිව ඒ අස්සේ හැංගිලා තියෙන ඇත්ත ටිකක් පෙන්නලා දෙන්න ඕන, පුරාවිද්‍යා සාධක වලටත් ගැලපෙන විදිහට