මේ සටහනින් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ මානව අතීතය හොයන බලන අය තම පහසුව සඳහා ඒ අතීතය කාලපරිච්ඡේදවලට බෙදල තියෙන හැටි ගැන. මේ සටහන් පෙළේ දෙ වැනි සටහනේ තිබුණු, ලෝකයේ මානව අතීතය බෙදුව හැටි ගැන අවබෝධයක් තියෙන එක මේ සටහන පහසුවෙන් තේරුම් ගන්න රුකුලක් වෙයි. ඉතිහාසය කියන්නේ එකක්, අතීතය කියන්නේ තවත් කාරණයක්.
ඉතිහාසය ඉගෙන ගන්න අය අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, යටත් විජිත යුගය වගේ යුග බෙදීමක් කරනව. නමුත් ලංකාවේ පුරාවිද්‍යාව ගැන කතාකරද්දි මේ බෙදීම ප්‍රමාණවත් නෑ. මොකද ලංකාවේ මිනිස්සු අකුරු ලියන්න කලිනුත් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉතිහාස කාලයෙන් ඔබ්බට යන්න අවශ්‍ය වෙනවා.
ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ මේ කාල බෙදීම ගැන විවිධ වියත්තු අදහස් දක්වලා තිබුනත් විධිමත් විදිහට කාල බෙදීමක් කරල ප්‍රසිද්ධ කරල තියෙන්නේ ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමා. එතුමාගේ Prehistory of Sri Lanka පො- තේ පිටු අංක 707 ඉදල 739 දක්වා තියෙන කොටස කියව ගත්තොත් මේ ගැන සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන්. ඊට තදානුරූප කාල බෙදීමක් තමා පහළ පෙළ ගස්සලා තියෙන්නේ.
ක්‍රි. පූ. 125,000 (හෝ ඊට පෙර) - ක්‍රි. පූ. 1,000 ප්රාග් ඓතිහාසික අවධිය ( පුරා ශිලා, මධ්‍ය ශිලා හා නව ශිලා)
3.9. 1,000 - 5.໘. 500 : පූර්ව ඓතිහාසික යකඩ අවධිය
3.໘. 500 - 3.0. 300 : මූල ඓතිහාසික අවධිය
5.5. 300 - 5.0. 1,200 : මධ්‍ය ඓතිහාසික අවධිය
5.໖. 1,200 - 5.0. 1,500 : අන්තර් ඓතිහාසික අවධිය
5.5. 1,500 - 5.2. 1,815 : නූතන ඓතිහාසික අවධිය
මේ දක්වා සිදුකරල තියෙන පුරාවිද්‍යා හොයාබැලීම් අනුව ශ්‍රී ලංකාවේ මිනිසුන් වාසය කළ බවට විධිමත්ව ඈතම සාධක ලැබෙන්නේ රටේ දකුණු ඉමේ තියෙන බූන්දලින්. හරියටම කිවුවොත් පතිරාජවෙල හා වැල්ලේගංගොඩ කියන තැන්වලින්. එතැන සිදු කළ කැනීම් වළේ මීටර් 4ක් විතර ගැඹුරේ මිනිස්සු හදපු ගල් ආයුධ ලැබුණු පස් තට්ටුව තාප සන්දීප්තතා කියන කාල නීර්ණ ක්‍රමය අනුව අදින් වසර 74,200 කාලයට නීර්ණය වෙලා තියෙනවා. එතකොට මේ ගල් ආයුධ හා ඒ වායේ හැඩතල අනුව ආදිම හෝමෝ සේපියන්වරු මේවා නිර්මාණය කරන්න ඇති කියලයි හිතන්නේ. ඒ මෙවළම් පුරාශිලා යුගයේ 'මධ්‍යම පුරාශිලා යුගයට’ (Middle Palaeolithic) අයිති වෙන්න ඕන බවයි තක්සේරුව. ඉහත කිවුව දින නීර්ණ එක්ක එම ස්ථානයේ පතුළේම තියෙන පස් තට්ටු අදින් වසර 125,000ක් පමණ පරණයි කියල තක්සේරු කරනවා. ඒ නිසා අපේ ප්රාග් ඉතිහාසය ඒ තරම් පරණයි කියන එකට සැකයක් ඇතිවෙන්නේ නැහැ. පහළ පුරාශිලා යුගයට (Lower Palaeolithic) අයිති සාධක අපේ රටේ මේ වනතෙක් හමු වෙලා නෑ.
ප්රාග් ඓතිහාසික අවධියට අයිති මධ්‍යශිලා නැත්නම් ක්‍ෂුද්‍රශිලා යුගයට (Me- solithic/Microlithic) අයිති සාධක ශ්‍රී ලංකාවෙන් අඩුවක් නැතිව හමුවෙලා තියෙ- නවා. ඒ සාධක අදින් වසර 45,000ක් විතර පරණයි. ඒ පරණම සාධක ලැබෙන්නේ හොරණ ආසන්නයේ තියෙන යටිගම්පිටිය ෆා-හියං ලෙන නමින් හඳුන්වනු ලබන ස්ථානයෙන්. එතැන ඉදල අදින් වසර 3,500 පමණ වනතෙක් දින නීර්ණ සිය ගණනක් මේ යුගයට අදාළව ලැබිල තියෙනවා. මේ පහළම දිනනියම ලැබිල තියෙන්නේ මාතොට නැත්නම් මන්නාරමේ කළ පුරාවිද්‍යා කැනීම් වලින්. ප්රාග් ඓතිහාසික යුගයේ අන්තිම කාලය වන නවශිලා යුගය පිළිබඳ ස්ථිරව පැහැදිලි කරන්න පුළුවන් සාධක ලංකාවෙන් මෙතෙක් නම් ලැබිල නැහැ. ඒ නිසා නවශිලා යුගය පිළිබඳ තවම ලංකාවේ තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්.
ක්‍රිස්තු පූර්ව 1,000 ඉදල 500 දක්වා කාලය තමයි පූර්ව ඓතිහාසික යකඩ යුගය' (proto-historic iron age) වශයෙන් ගැනෙන්නේ. නිශ්චිතව තීරණය කරපු අකුරු මේ කාලයේ ලැබෙන්නේ නැහැ. මිනිස්සු හදපු දේවල් නම් සෑහෙන්න ලැබෙනවා. යකඩ නිර්මාණත් ලැබෙනවා. මේ කාලයේ අන්තිමට අකුරු ලියන්න මිනිස්සු හුරු වෙනවා.
අකුරු ලිවීම හොඳින් සිදු කරන, බ්රාහ්මී අකුරු සටහන් කළ පැරණිම ලේඛන හමුවෙන මුළ ඓතිහාසික යුගය (early-historic period) තමා අපිට ඊලඟට හමුවෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500 විතර ඉදල ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මූල ඓතිහාසික අවධිය කාලේ අකුරු ලියන එක හොඳින් දැනගෙන ඉදල තියෙනවා. අනුරාධ ගම පුරයක් විදිහට වර්ධනය වෙලා අනුරාධපුරය විධිමත්ව සංවිධානය වෙන්නේ මේ කාලයේ. ඒ සමඟම බුදුදහමත් ස්ථාපනය වෙනවා මේ කාලයේ. වාරි කර්මා න්ත වගේම විශාල ආගමික ගොඩනැඟිලිත් මේ කාලයේ ඇති වෙනවා. දැන් අපේ ඉතිහාසය ඇරඹිලා. මහාවංසය ලියන්නේ මෙතැනින් පස්සේ කාලේ ගැන. ඒක තමයි මහාවංසයේ අරමුණ. ශ්‍රී ලංකාවේ පැරණිම කාලේ ගැන කියන්න අදහසක්, අරමුණක් මහාවංසය ලියුව මහානාම හාමුදුරුවන්ට තිබුනේ නෑ. මේ වගේ සරළ දේවල්වත් හිතාගන්න අවබෝධ කරගන්න බැරි අය තමයි මහාවංසයට ගරහන්නේ. සමහර වෙලාවට දන්නැති අයත් නෙවී, හිතාමතාම මේ ව්‍යාජ කතා කියනවා. කණගාටුදායක දෙය නම් මේ බව නොදන්න, අපේ රටේ ඉතිහාසයට අතීතයට ආදරය කරන පිරිසක් මේ බොරු වලට ගොදුරු වෙලා ඉදීම.
ශ්‍රී ලංකාවේ අග නගරය වුණු අනුරාධපුරය ඉතා හොඳින් ක්‍රියාත්මක වන කාලයක් වගේම එහි බිඳවැටීමත් සිදුවන කාලයක් තමා ක්‍රිස්තු වර්ෂ 300 ඉදල ක්‍රිස්තු වර්ෂ 1,200 අතර කාලයේ තියෙන 'මධ්‍ය ඓතිහාසික අවධිය' (mid-historic period). රජරට ශිෂ්ටාචාරය දුර්වල වෙලා රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වෙන්නේ අන්තර් ඓතිහාසික අවධියේ (middle historic period). ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1,200 ඉදල ක්‍රිස්තු වර්ෂ 1,500 කාලයේ. එතැනින් පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1,500 සිට ක්‍රිස්තු වර්ෂ 1,815 කාලය නූතන ඓතිහාසික අවධිය (mod- ern historic period). මේ කාලයේ තමා ලංකාවට පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි කියන බටහිර ආක්රමණික පාලකයන්ගේ බලපෑම එන්නේ. 1815න් පස්සේ ඉදල අද දක්වා කාලේ කියන්නේ නූතන අවධිය (modern period) කියන එක ආයේ වෙනම කියන්න ඕන නෑනේ.
මේ විදිහට තමා ශ්‍රී ලංකාවේ අතීතය නැත්නම් ප්රාග් ඉතිහාසය හා ඉතිහාසය කාලපරිච්ඡේදවලට බෙදල වෙන්කරල තියෙන්නේ. සමහර පුරාවිද්‍යාඥයින්ට වගේම ඉතිහාසඥයින්ට මීට වඩා තරමක් වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්.